Showing posts with label 2017. Show all posts
Showing posts with label 2017. Show all posts

Wednesday, February 7, 2018

දෙමළ සිනමාව නවකයන්ගෙන් හැඩවුණු වසරක්

ලංකාවේ සිනමාකරුවන් බොහෝවිට මැසිවිලි නඟන්නේ චිත්‍රපටි කරන්නට මුදල් නොමැති බවත් ආදායම් උපයන්නට තරම් ප්‍රේක්ෂකාගාරයක් නොමැති බවත් කියමිනි. ඇතැම් තරුණ නිර්මාණකරුවන් ප්‍රේක්ෂකාගාරයෙන් ආදායම් ලැබිම වෙනුවට සම්මාන ඉලක්ක කරගනිමින් නිර්මාණ කරන බව ‍පෙනෙයි. එහෙත් මේ සටහනෙන් කතාබහට ලක්වෙන චිත්‍රපටි සියල්ලම පාහේ ඉතා පුංචි වියදමකින් කළ සාර්ථක නිර්මාණ වන අතර සිනමාව තවදුරටත් මුදල් මත පදනම් වූ කලාවක් නොවන බවට මනා සාක්ෂි සපයන නිර්මාණ එකතුවකි. මේ කතාබහ 2017 වර්ෂයේ දෙමළ සිනමාවේ තිරගත වූ නවක නිර්මාණකරුවන්ගේ චිත්‍රපටි පිළිබඳවයි. 


Saturday, December 30, 2017

2017 හොඳම දහය Best Tamil Movies 2017



අවුරුද්දක් අවසානයි. බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ අසාර්ථකම අවුරුද්ද. උතුරු ඉන්දියාවෙ නිෂ්පාදකවරු දැන් පුදුමයෙන් කරුණු හොයනවා, උතුරු ඉන්දියානු චිත්‍රපටි අසාර්ථක වෙද්දී දකුණු ඉන්දියානු චිත්‍රපටි ජයකෙහෙළි නැංවුවෙ ඇයිද කියලා. කරන් ජෝහාර්, එ්ක්තා කපූර් කියන්නේ දකුණු ඉන්දියාව වීරයන්ගේ සිනමාවක් වෙනුවට හොඳ පිටපත් රචකයන්ගේ සිනමාවක් විශ්වාස කිරීම නිසා සාර්ථක වුණා කියලයි. ඒ සියල්ල මැද්දේ අපි සූදානම් වෙන්නෙ දකුණු ඉන්දියාවෙ ඉන්න දැවැන්තයා වෙච්ච කොලිවුඩ් සිනමාව සාර්ථක අසාර්ථකත්වය පිරික්සන්න.

පිටපත් රචකයන්ගේ සිනමාවක රංගන ශිල්පීන්


Friday, December 8, 2017

කාර්තිගේ අලුත්ම එක Theeran Adhigaaram Ondru



මේ අවුරුද්දෙ නොවැම්බරයේ තිරගත වුණ මේ චිත්‍රපටිය ඉන්දියාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්. බවාරියා මෙහෙයුම නමින් හඳුන්වන 2005 කාලයේ සිදුවුණ මෙහෙයුමක් ගැනයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. Sathuranga Vettai චිත්‍රපටිය කරලා විකටන් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටියට සම්මානය දිනපු එච්. විනෝද් කියන නැඟී එන අධ්‍යක්ෂවරයා නිර්මාණය කරපු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ කාර්ති සිවකුමාර්. 

රාකුල් ප්‍රීත් සිං ප්‍රධාන නිළිය. දුෂ්ඨයා ලෙස අභිමන්යු සිං රඟපානවා. දෙන්නාටම තෙළිඟු සිනමාවෙ තැනක් තියෙනවා. මොකද චිත්‍රපටිය තෙළිඟු ප්‍රේක්ෂකයාවත් ඉලක්ක කරනවා.

Friday, November 3, 2017

මගලිර් මට්ටුම්





කුට්ට්‍රම් කඩිතල් දෙමළ චිත්‍රපටිය ජනප්‍රිය රංගන ශිල්පීන් නැතිව, විශාල පිරිවැයක් නැතිව නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයකි. එහි රචකයා සහ අධ්‍යක්ෂවරයා බ්‍රම්මා නම් විය. බ්‍රම්මා ගැන කතාබහ ඇරඹුනේ 2015 දී මේ විශිෂ්ඨ චිත්‍රපටිය තිරගත වීමෙන් පසුවය. මේ වසරේ තිරගත වූ මගලිර් මට්ටුම් දෙමළ චිත්‍රපටිය බ්‍රම්මා අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටියයි.

Sunday, October 29, 2017

නොබලා බැරි තුප්පාරිවාලන්




Thupparivaalan චිත්‍රපටිය මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසයෙ තිරගත වුණේ. මේ වෙද්දී අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ චිත්‍රපටිය. ගොඩක් සාර්ථක වුණ මේ චිත්‍රපටියෙ දෙවැනි කොටසක් නිර්මාණය වෙන්න සූදානම්. විසාල් විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයත් විසාල්මයි. චිත්‍රපටිය ගැන කියන්න කලින් චිත්‍රපටියෙ අධ්‍යක්ෂක මිස්කීන් ගැන චුට්ටක් කියන්න ඕන. 


Saturday, October 7, 2017

ලංකාවෙ අයට බලන්න වටින Kurangu Bommai

2017 වසරේ මෙතෙක් ආ දෙමළ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපට කීපයෙන් එකක්. තරමක් දුරට hyperlink ආකෘතියකට අනුව නිර්මාණය වී ඇති මෙය ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල භාව කම්පනයක් ඇතිකර ඔවුන් සිතන්නට පොළඹවන චිත්‍රපටයක්.



තන්ජාවූර් හි වෙසෙන පාතාල නායකයෙකුට සමාන වටිනා පිළිම, පුරාවස්තු වැනි දෑ ජාවාරමෙහිද යෙදෙන ලී වෙළෙන්දෙක්, ඔහුගේ සුවච කීකරු සේවකයෙක් , පියාගේ හාම්පුතා ගැන කලකිරීමෙන් පසුවෙන සේවකයාගේ පුතා, විවාහ යෝජනාවකින් ඔහු වෙත ඉදිරිපත් කෙරෙන යුවතියක්, චෙන්නයි නගරයේ වෙසෙන මුදල් පසුම්බි හා බෑග් සොරකම් කරන පික් පොකට්කරුවෙක්, චෙන්නයිහිම වෙසෙන හොර බඩු ජාවාරම්වල අතරමැදියෙක් ලෙස ක්‍රියාකරන්නෙක් මෙහි ප්‍රධාන චරිත වෙනවා. එක්තරා හේතුවකින් මේ සියලු දෙනාම එකට පටලවන සිදුවීම් මාලාවක් සිදුවෙනවා.


Friday, September 29, 2017

Oru Kidayin Karunai Manu

2017 වසරේ ආ සුවිශේෂ දෙමළ චිත්‍රපට අතරින් එකක්. සුරේෂ් සංගයියා නම් අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා නිර්මාණයයි මේ.



රාම්මූර්ති සහ සීතා ගමක සිටින අලුත විවාහපත්වූ යුවලක්. කලක් තිස්සේ අවශ්‍යව තිබූ ආගමික චාරිත්‍රයක් ඉටු කිරීමට, එනම් එක්තරා කෝවිලකට එළුවෙක් බිලි දී පූජාවක් පැවැත්වීමට ඥාතීන් ඇතුළු ගමේ සියලුදෙනා ලොරියක නැගී පිටත්ව යන්නේ එළුවෙකුත් රැගෙනයි. ඒ යන අතරතුරදී කෙළිලොල් අලුත් විවාහක යුවලක් වන සීතා හා රාම්මූර්තිගේ අහිංසක දඟකාරකමක් කෙළවර වෙන්නේ වන්දනා ගමනද අතරමග නතර කර, ඔවුන් දෙදෙනාගේ අනාගතයද අඳුරේ හෙලමින්, ඥාතීන් ඇතුළු සියලුම ගම්වාසීන් අපහසුතාවයට ලක්කරමින්. මේ අකරතැබ්බයෙන් ගොඩ ඒමට ඔවුන් දරන උත්සාහය ඔස්සේ චිත්‍රපටය ඉදිරියට ගලායනවා. 

Saturday, September 23, 2017

රැජිණිවත් පුදුම කරවපු මානගරම්


 
මානගරම් චිත්‍රපටිය දැකල ඒකට ආස වුණ රැජිණිකාන්ත් පවා චිත්‍රපටය ගැන වර්ණනා කරමින් දුරකථන ඇමතුමක් දුන් බව කියනවා.

චෙන්නායි නගරය නපුරුය. රෞද්‍රය. අනුකම්පා විරහිතය. එකිනෙකාට උදව් කරගන්නේ නැත. රැවටිලි සහගතය. ඒ නගරයට පැමිණෙන සියළු දෙනාද ටික කාලයක් යද්දී නගරයේ ඒ ගති ලක්ෂණවලට හුරුවෙයි. කිසිවෙක් විශ්වාස නොකරයි. මේ නගරය පිළිබඳව කතාකරන චිත්‍රපටියකි ‘මානගරම්‘ දෙමළ චිත්‍රපටිය. මේ රැවටිල්ල, අනුකම්පා විරහිත බව, අපරාධකාරීත්වය හා මුදල් තණ්හාව විසින් කුතුහලයෙන් පිරුණු සිදුවීම් මාලාවක් නිර්මාණය කරයි. චරිත කිහිපයක් එකිනෙකා හමුවෙමින්, වෙන්වෙමින් සහ එකිනෙකාට එරෙහිව මෙන්ම එක්ව සිදුවීම් මාලාවකට මුහුණදෙයි.
මේ වසරේ තිරගත වුවත් 2015 වසරේ නිර්මාණය කළ විශිෂ්ඨම නිර්මාණයක් වන මානගරම් චිත්‍රපටිය නවක සහ තරුණ නිර්මාණකරුවන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය වූ චිත්‍රපටියකි. එහි අධ්‍යක්ෂණය සහ තිරරචනය ලෝකේෂ් කනගරාජ්ගෙනි. සංගීතය ජාවෙඩ් රියාස්ගෙනි. චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් එක්වන්නේ සංගීත් ක්‍රිෂන්, ශ්‍රී සහ රෙජිනා කසන්ඩ්‍රාය. ප්‍රවීණ නළුවන් වන රාම්ඩෝස් සහ චාලි ද රංගනයෙන් එක්වෙයි. 

 

අළුපැහැය පෙන්වන වික්‍රම්වේදා




මේ වසරේ මැද භාගයේ සිනමාහල්වල තිරගත වූ වික්‍රම් වේදා චිත්‍රපටියෙන් කතාබහ කරන්නේ අළු පැහැ මිනිසුන් ගැනයි. තනි සීමා ඉරක් හැඳ කළු සහ සුදු යනුවෙන් ඉරක් ඇඳ මිනිසුන් වෙන් කළ නොහැකිය. වික්‍රම් (ආර්. මාධවන්) පොලිස් නිලධාරියෙකි. ඔහු චෙන්නායි නගරය ආශ්‍රිතව සිටින පාතාල කණ්ඩායම් මර්ධනය වෙනුවෙන් යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායමක සාමාජිකයෙකි. එම කණ්ඩායම පාතාල සාමාජිකයන්ව කොටු කරමින් ඝාතනය කරනු ලබන අතර මරණ පරීක්ෂණවලදී පාතාල සාමාජිකයන් සමඟ ගැටුමක් ඇතිවූ නිසා වෙඩිතබන්නට සිදුවූ බව පෙන්වන්නට අවශ්‍ය ලෙස සාක්ෂි සකසයි. ආයුධයක් අතේ නැති මැරයක්ව මරා ඇතිනම් පොලීසිය සතු ආයුධයක් මැරයාගේ අතේ තබා වෙඩි තබන්නට උත්සාහ කළ බව පෙන්වයි.

වේලෙයි ඉල්ලා පට්ටදාරී 2





ධනුෂ් රංගනයෙන් එක්වන වේලෙයි ඉල්ලා පට්දාරී පළමු චිත්‍රපටිය (2014) බොහෝ දෙනෙක් නරඹා ඇතුවාට සැක නැත. දෙමළ තාරුණ්‍යයට විශාල බලපෑමක් කළ නිර්මාණයකි එය. ඉංජිනේරු උපාධියක් ලබා රැකියා විරහිතව සම්මුඛ සාකච්ඡාවලට යෑම රැකියාවක් කරගත් දහස් ගණනක් ඉන්දීය තරුණයන්ව ආමන්ත්‍රණය කරන්නට වේලෙයි ඉල්ලා පට්ටදාරී චිත්‍රපටය සමත් විය. වේලෙයි ඉල්ලා පට්ටදාරී යන්නෙහි තේරුම රැකියා විරහිත උපාධිදාරියා යන්නයි. කෙටියෙන් එය වී.අයි.පී. විය.