Monday, January 1, 2018

ඊළඟ සුපර්ස්ටාර්



ඊළඟ සුපර්ස්ටාර් සිවකාර්තිිකේයන්. 


කාලෙක ඉඳන් ඔළුවෙ තියාගෙන හිටපු කතාවක් මේක. දැන් හැ‍මෝම කියන්න පටන්අරන්. ඊළඟ සුපර්ස්ටාර් සිවකාර්තිකේයන්.

සිවකාර්තිකේයන් රඟන වේලයික්කාරන් චිත්‍රපටිය උපරිම ප්‍රතිචාර ලැබුවා. මරදානෙ සිනෙසිටියෙ වේලයික්කාරන් බැලුවෙ. වේලයික්කාරන් එකේ සිවකාර්තිකේයන්ට ග්‍රෑන්ඩ් ඉන්ට්‍රො එකක් දීලා නෑ. නිකන්ම ඔහුගෙ මුහුණ තිරයෙ දිස්වෙනව. ඒ නිසා ‍ඒ වෙලාවෙ විසිල් වැදුණෙ නැහැ. ඒත් චිත්‍රපටිය අවසාන වුණ විගස විසිල් හඬවල් තොගයක් එක්ක චිත්‍රපටියට ආචාරය හිමිවුණා.


ඔහු අපූරු කොමඩි නළුවෙක්. ඔහු රඟපාන චිත්‍රපටිවල වැඩියෙන්ම අමාරුවෙ වැ‍ටෙන්නෙ කොමඩි නළුවන් ලෙස ප්‍රසිද්ධ රංගන ශිල්පීන්. සිවකාර්තිකේයන් එක්ක හරි හරියට කොමඩි කරන්න සමත්වුණෙ සූරි විතරයි. සූරි එක්ක වුණත් සිවකාර්තිකේයන් හරි හරියට ඉන්නවා. 

මුලින්ම ජනප්‍රිය වුණ එදිර් නාච්චිල්, වරුත්තපඩාද වලිබර් සංගම්, මාන් කරාතේ ෆිල්ම් වලින් පස්සෙ අතිසාර්ථකත්වය ලබපු රජ්ණි මුරුගන්, රෙමෝ චිත්‍රපටි දෙකෙන් පස්සෙ සිවකාර්තිකේයන් එළියට ආපු වේලයික්කාරන් චිත්‍රපටිය සෝෂල් ත්‍රිලර් වර්ගයට අයිති ෆිල්ම් එකක්. වෙළඳනාමයන්ට හසුවෙන සමාජය විනිවිද දැක්ක ෆිල්ම් එකක්. අතිදැවැන්ත දේශපාලන මාතෘකාවක් කතාකරන ෆිල්ම් එකක්. චිත්‍රප‍ටියෙ සිවකාර්තිකේයන් අසාධාරණයට විරුද්ධව සටන් කරන්නෙ අතෙන් පයින් නෙවෙයි. ඒක වි‍ශේෂයි. හෙට දවසේ සිනමාවෙ වීරයා සීයකට එකපාර පහරදෙන්න ඕනෙ නෑ. අද දවසෙ ‍එන්ටර්ටේනින් වෙන ලෙවල් එකකට ඇවිත්.

මේ වෙද්දී අපේ සිනමා රසිකයන් වගේම සවුත් ඉන්දියන් රසිකයන් හිතන්න පටන් අරන් හොඳ චිත්‍රපටියක් නම් ඒක තාත්වික වෙන්න ඕනෙ කියලා. චිත්‍රපටියෙ හීරෝල ඉන්න බැහැ කියල හිතන්න හුරුවෙලා. හැබැයි හීරෝස්ලාගේ සිනමාව, අධිතාත්වික, ෆැන්ටසි සිනමාව අපි හිතන තරම් ඉක්මනට අවසාන වෙන්නෙ නෑ. ඒ වගේම ඒ සිනමාවෙ සුන්දරත්වය අඩු වෙන්නෙත් නෑ. ඉතින්‍ දෙමළ සිනමාවෙ විතරක් නෙවෙයි, ඔය මලයාලම් සිනමාවෙත් හෙට වෙද්දී සුපර්ස්ටාර්ලා බිහිවෙනවා. දෙමළ රසිකයන්ගේ ආදරය මෑතකදී වැඩිපුරම දිනාගත්ත තරුණයා සිවකාර්තිකේයන්. හෙට දවසේ දෙමළ සිනමාව තියෙන්නෙ සිවකාර්තිකේයන් සහ ධනුෂ් කියන තරුණයන් දෙන්නා අතේ. ඒ අතරිනුත් මිනිස්සුන්ගෙ ආදරය වැඩිපුරම දිනාගන්න හැකියාව තියෙන්නෙ සිවකාර්තිකේයන්ට.


රූපවාහිනියෙ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට ඇවිත්, ධනුෂ්ගෙ අතිසාර්ථක ත්‍රී චිත්‍රපටියෙ යාළුවාට රඟපාපු ඔහු සිනමාවට ආවෙ චුට්ටක් වයසට පහුවෙලා තමයි. හැබැයි සුපර්ස්ටාර් රැජිණිකාන්ත්, තල අජිත්, චියාන් වික්‍රම්, මක්කල් සෙල්වන් විජේ සේදුපති වගේ තරු කීයක් එහෙම පහුවෙලා ඇවිත් තියෙනවාද? ඉතින් රොමෑන්ටික් එන්ටර්ටේනර් සිවකාර්තිකේයන්ට බැරි නැහැ.

ධනුෂ් සමඟ සිවකාර්තිකේයන්
 

 දැන් ඔහුට වයස අවුරුදු තිස් එකයි. හැබැයි රජ්ණිකාන්ත් වුණත් අවුරුදු තිහ පහුවෙලා තමයි සිනමාවෙ වීරයෙක් විදියට මතුවුණෙ. 

අපූරුවට දෙබස් ඩිලිවර් කිරීමේ හැකියාව, නර්තන හැකියාව එක්ක සිවකාර්තිකේයන් වෙන කවුරුත් මවන්නෙ නැති රූපරාමු මවන හින්දා හෙට සිනමාව ඔහුගෙ අතේ තියෙන බව විශ්වාසයි. 

 සිවකාර්තිකේයන් සමඟ ධනුෂ්
රොමෑන්ටික් එන්‍ටර්ටේනර් සිවකාර්තිකේයන් තේරුම් ගතයුතු දෙයක් තමයි ගහෙන් ගෙඩි එන්නා වගෙ තොග ගාණට ෆිල්ම් නොකර සියුම්ව තෝරාගෙන චිත්‍රපටි කිරීම. ජූනියර් සුපර්ස්ටාර් කියල කිව්ව, දෙදාස් ගණන්වල මුල ඊළඟ සුපර්ස්ටාර් විදියට සිනමාවට ගෙනාපු සිම්බු වගෙ නළුවන්ගෙ දිස්නය සිතූ තරම් ඇති නොවුණෙ ඔවුන්ගෙ චිත්‍රපටි තෝරාගැනීමේ දුර්වලතාවය නිසා.

වේලයික්කාරන් හොඳ චිත්‍රපටියක්. සිවකාර්තිකේයන්ගෙ ඊළඟ චිත්‍රපටිය බොහෝවිට කොමඩියක් වේවි. කොහොමත් මසාලා සිනමාව හෙට දවසේ පවතිනේනෙ ඔහු වගේ දක්ෂයො සමඟයි. ටිකක් පහුවෙලා හෝ ඔහුගේ පැමිණීම අපූරුයි.

4 comments:

  1. අනිවාරෙන් ඊලග සුපර්ස්ටාර් sk.මන් නම් හිතන්නේ දනුෂ් දැනටමත් run කරනවා....ඉස්සරහට run කරන්නේ sk and vj sedupathi....

    ReplyDelete
  2. Pissuda ubalata ealaga suparstar illaiya thalapathi vijay...

    ReplyDelete
  3. SK හොදයි. සුපිරි. ඒත් Vijay Sethupathy ව අල්ලන්න නම් කාලයක් යයි. මොකද අපක්ෂපාතීව හිතුවොත් දැනට VS විවිදත්වය සහිත film ගොඩක රගපාලා talent එක එලටම පෙන්නලා තියෙනවා. SK තාම ඒ තරම් නැහැනෙ. ඒත් අනාගතේදි SK සුපිරි වැඩ්ඩෙක් වෙයි. මේ ලගක් වෙනකන් මිනිස්සු Rajini Kanth ගේ, Vijay ගේ commercial films වලට ආදරෙ කරාට දැන් මිනිස්සු කතාව ගැනත් ගොඩක් හිතනවා. ඉතින් මං හිතන විදිහට Danush, SK, VS වගේ අයගේ කාලෙ තමා ඉස්සරාට එන්නේ.

    ReplyDelete