ධනුෂ්
රංගනයෙන් එක්වන වේලෙයි ඉල්ලා පට්දාරී පළමු චිත්‍රපටිය (2014)
බොහෝ දෙනෙක් නරඹා ඇතුවාට සැක නැත. දෙමළ තාරුණ්‍යයට විශාල බලපෑමක් කළ නිර්මාණයකි
එය. ඉංජිනේරු උපාධියක් ලබා රැකියා විරහිතව සම්මුඛ සාකච්ඡාවලට යෑම රැකියාවක් කරගත්
දහස් ගණනක් ඉන්දීය තරුණයන්ව ආමන්ත්‍රණය කරන්නට වේලෙයි ඉල්ලා පට්ටදාරී චිත්‍රපටය
සමත් විය. වේලෙයි ඉල්ලා පට්ටදාරී යන්නෙහි තේරුම රැකියා විරහිත උපාධිදාරියා යන්නයි.
කෙටියෙන් එය වී.අයි.පී. විය.