Showing posts with label විජේ සේදුපති. Show all posts
Showing posts with label විජේ සේදුපති. Show all posts

Monday, January 15, 2018

සේදුපතිගෙන් උපන්දින තෑග්ගක්



අලුත්ම චිත්‍රපටියේ පෝස්ටරය නිකුත් වුණා.



‘අලුතෙන් එන හොඳම ෆිල්ම් ටික සේදුපතිට යනව. අපට ෆිල්ම් නෑ.’ මෙන්න මේ වගේ පැමිණිල්ලක් කළේ සිද්ධාර්ත්. එය නෝක්කාඩුවක් වගේ. සිද්ධාර්ත් විජේ සේදුපතිගේ හොඳම මිත්‍රයෙක්.

විජේ සේදුපති. නව දෙමළ සිනමාවේ මුහුණ. මක්කල් සෙල්වන්. පමාවෙලා සිනමාවට ආ තරුව. ඔහුගේ හතළිස්වැනි උපන්දිනය අද. 

Sunday, November 26, 2017

විජේ සේදුපතිගෙ හොඳම ෆිල්ම් පහ Sethupathi's Top 05

ගණකාධිකාරී ජොබ් එකෙන් අයින්වෙලා එකපාරම සිනමාවට එන අවුරුදු විසිඅටක විතර තරුණයෙක්. දැන් සිනමාවෙ පොදු මිනිස්සුන්ගෙ වීරයා බවට පත්වෙලා. ඒ වනතුරු ගමන ඉතා අසීරු එකක්. 2006 ආපු පුදුපෙට්ටායි චිත්‍රපටියෙ ධනුෂ්ගෙ යාළුවෙක්ට රඟපාන අසරණ සේදුපතිගෙ මුහුණ පෙන්වන්නෙත් කැමරාවට වැරදීමක් වුණොත් වගෙයි. හොඳ ඇහැක් තියෙන අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් නිසා සිනමාව වෙනස් කරවන විදියෙ යමක් කරන්න සේදුපතිට දැන් හැකියාව ලැබිලා.



සේදුපතිගෙ හොඳම ෆිල්ම් දහය Sethupathi's Best 10 Movies (part 01)

මක්කල් සෙල්වන් විජේ සේදුපතිව දෙමළ සිනමාව ගැන උනන්දුවක් තියෙන අය දන්නවා ඇති. ඇත්තටම දෙමළ සිනමාව ගැන උනන්දුවක් නැති අයත් මේ වෙද්දී විජේ සේදුපතිගේ ෆිල්ම් බලන්න කැමතියි.

සේදුපති ගැහැණියෙක්ට ඇන්දේ ඇයි?

Saturday, September 23, 2017

අළුපැහැය පෙන්වන වික්‍රම්වේදා




මේ වසරේ මැද භාගයේ සිනමාහල්වල තිරගත වූ වික්‍රම් වේදා චිත්‍රපටියෙන් කතාබහ කරන්නේ අළු පැහැ මිනිසුන් ගැනයි. තනි සීමා ඉරක් හැඳ කළු සහ සුදු යනුවෙන් ඉරක් ඇඳ මිනිසුන් වෙන් කළ නොහැකිය. වික්‍රම් (ආර්. මාධවන්) පොලිස් නිලධාරියෙකි. ඔහු චෙන්නායි නගරය ආශ්‍රිතව සිටින පාතාල කණ්ඩායම් මර්ධනය වෙනුවෙන් යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායමක සාමාජිකයෙකි. එම කණ්ඩායම පාතාල සාමාජිකයන්ව කොටු කරමින් ඝාතනය කරනු ලබන අතර මරණ පරීක්ෂණවලදී පාතාල සාමාජිකයන් සමඟ ගැටුමක් ඇතිවූ නිසා වෙඩිතබන්නට සිදුවූ බව පෙන්වන්නට අවශ්‍ය ලෙස සාක්ෂි සකසයි. ආයුධයක් අතේ නැති මැරයක්ව මරා ඇතිනම් පොලීසිය සතු ආයුධයක් මැරයාගේ අතේ තබා වෙඩි තබන්නට උත්සාහ කළ බව පෙන්වයි.