Sunday, November 26, 2017

සේදුපතිගෙ හොඳම ෆිල්ම් දහය Sethupathi's Best 10 Movies (part 01)

මක්කල් සෙල්වන් විජේ සේදුපතිව දෙමළ සිනමාව ගැන උනන්දුවක් තියෙන අය දන්නවා ඇති. ඇත්තටම දෙමළ සිනමාව ගැන උනන්දුවක් නැති අයත් මේ වෙද්දී විජේ සේදුපතිගේ ෆිල්ම් බලන්න කැමතියි.

සේදුපති ගැහැණියෙක්ට ඇන්දේ ඇයි?



බොහෝ දෙනෙක් විජේ සේදුපතිගේ ෆිල්ම්ස් බලලා ඇති. සමහර ෆිල්ම්ස් මිස්වෙලා ඇති. ඒ වගේම විජේ සේදුපතිගේ ෆිල්ම් අතරේ කැමති ඒවා සහ අකැමති ඒවා ඇති. කොලිවුඩ් සිහින අපි අපේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න හිතුවා. විජේ සේදුපතිගේ හොඳම චිත්‍රපටි දහය අපි ලැයිස්තුගත කරන්නෙ කොහොමද?






ගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ 2016 අවුරුද්දෙ විජේ සේදුපතිගෙ චිත්‍රපටි හයක් තිරගත වුණා. ඒ කියන්නෙ මාස දෙකකට එක චිත්‍රපටියක්නෙ. ඉතින් එක විදියකට සේදුපතිව එපා වෙන තැනට මේ වැඩේ ආවා. 2017ත් ඔයවගේ. එකදිගට ෆිල්ම් තොගයක්. 

අවුරුද්දකට ෆිල්ම් එකක් හෝ දෙකක් කරන්න සේදුපති පුරුදුවුණානම් හොඳයි. ලෙස් ඊස් මෝ කියනවනෙ. ඒ කියන්නෙ ටිකක් කියන්නෙ ගොඩක්. නැත්නම් අජිත් මුතුකුමාරණගෙ සිංදු පීස් වගේ වෙනවා. කොහොමහරි ඔය ෆිල්ම් හයම නරක ඒවා නෙවෙයි. හොඳ ෆිල්ම් තිබුණේ. ධර්මදුරෙයි කියන්නෙ ඒ අතරෙන් හොඳ ෆිල්ම් එකක්. අවසානය වෙනතුරු කුතුහලයක් එක්ක බලාගෙන ඉන්න පුළුවන්. අනෙක් අතට සේදුපතිගෙ අපූරු රංගනයක් ධර්මදුරෙයි චිත්‍රපටියෙ තියෙනවා.

මේකචීනු රාමසාමිගෙ චිත්‍රපටියක්. ඒ කියන්නෙ විජේ සේදුපතිව ප්‍රධාන නළුවෙක් විදියට සිනමාවට ගෙනාපු අධ්‍යක්ෂකවරයාගෙ. මේ ලැයිස්තුවට ඔහුගෙ වෙන චිත්‍රපටි කිහිපයක්ම එකතුකරන්න වුවමනාව තිබුණත් මේක එකතුකළේ චීනු රාමසාමිට ගෞරවයක් විදියට.

අන්තිමේදී සීනු රාමසාමි විජේ සේදුපතිව අරන් 2010 දී කරපු තෙන්මරුක්කු චිත්‍රපටිය ඉන්දීය ජාතික සම්මාන තුනක් ගන්න තැනට ආවා. සේදුපතිව අතිවිශිෂ්ඨයෙක් විදියට කතාබහට ලක්වුණා. ඊට පස්සෙ රාමසාමි යළිත් සේදුපති එක්ක වැඩකරන්නෙ මේ තෝරගත්ත ධරුමදුරෙයි චිත්‍රපටියේදී. ධර්මදුරෙයි ලිස්ට් එකට එකතුවුණත් තෙන්මරුක්කු චිත්‍රපටියත් බලන්න වටිනවා.

ගමක ඉන්න මානසික අවුලක් තියෙන තරුණයෙක්, ඔහු හිටපු වෛද්‍ය ශිෂ්‍යයෙක්. විනාශ වුණ ප්‍රේමයක්. නූගත් මිනිස්සු පිරිසක් අතරින් දුවන අපූරු කතාවක් ධර්මදුරෙයි චිත්‍රපටියෙ තියෙනවා.




මේ ලැයිස්තුවේ තිබුණු ඉරයිවි චිත්‍රපටිය අයින්කළා. හේතුව පීසා චිත්‍රපටියෙ අධ්‍යක්ෂ කාර්තික සුභාරාජ් විසින්මයි ඉරයිවි අධ්‍යක්ෂණය කළේ. ඉරයිවි චිත්‍රපටියත් නැරඹිය යුතුමයි. ඉතා වැදගත් කතාවක් ඒ චිත්‍රපටියෙන් කියනවා. ඉරයිවි චිත්‍රපටියට වඩා පීසා චිත්‍රපටිය කාර්තික්ගේ පළවැනි චිත්‍රපටිය විදියට කාර්තික් ලොකු අවධානයක් දිනාදෙන්නට සමත්වුණා. ඒ විතරක්ද. විජේ සේදුපතිටත් ලොකු නමක් හදාගන්න පීසා චිත්‍රපටිය උදව් වුණා. හොල්මන් කතාවක් අපූරුම විදියට ආරම්භ කරලා හොල්මන් ඇත්තද බොරුද කියන ප්‍රශ්ණය අතර කතාව නවත්වන අපූරුම චිත්‍රපටියක් පීසා.

තරුණ යුවලක් ඉන්නවා. කෙල්ල හොල්මන් ගැන ඉගෙනගන්නෙ තමන්ගෙ අලුත් නවකතාව ලියන්නට. කොල්ලා පීසා ඩිලිවරි කරන තරුණයෙක්. දෙන්නා ලිවින් ටුගෙදර් ඉන්නෙ. සෑහෙන ‘සංස්කෘතිය‘ රකින දෙමළ සිනමාව එක් කාලයක කාන්තාවන්ගෙ පතිවෘත්තාව, විවාහය වගේ එව්වා පරෙස්සමට රැක්කා. ඔය සංස්කෘතිය ආරක්ෂා කිරීමට අභියෝග කරපු කිහිපදෙනෙක් ඉන්නවා. කමල් හසන් වගේ නළුවො වගේම අධ්‍යක්ෂවරු එහෙම කළා. පීසා චිත්‍රපටියෙදීත් සංස්කෘතියට අභියෝගයක් විදියට ප්‍රධාන නළුවයි නිළියයි එකට ජීවත්වෙන අවිවාහක තරුණ යුවලක් ගේනවා අධ්‍යක්ෂ කාර්තික්. එක් පීසා ඩිලිවරි එකකදී කොල්ලා නොහිතන විදියට හොල්මන් ගෙදරකට යැවෙනවා. මානසික අවුලකට පත්වෙනවා. උපරිමයෙන් චිත්‍රපටියෙ කුතුහලය දිවෙනවා. පිටපත ගැන කතාකරන්න වචන නෑ.

තෙන්මරුක්කු චිත්‍රපටියටත්  වඩා ජනප්‍රිය සංස්කෘතියෙ සේදුපතිව ඉහළටම ඔසවලා තිබ්බ චිත්‍රපටි දෙකෙන් එකක් තමයි පීසා කියන්නෙ. සේදුපතිගෙ ඇක්ටින් නිසා රැඩිකල් දෙමළ සිනමාවෙ ඉදිරි මුහුණ බවට සේදුපති පත්වෙනවා මේ චිත්‍රපටියෙන් පස්සෙ. කාර්තික් මේ නව රැල්ලෙ ඉදිරිගාමී අධ්‍යක්ෂවරයෙක් බවටත් පත්වෙනවා.






මේ චිත්‍රපටිය මේ ලැයිස්තුවේ මීට වඩා ඉහළට එන්න වුණත් ඉඩ තිබුණා. මේ ලැයිස්තුවේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක් කියලා අනිවාර්යයෙන් මේ චිත්‍රපටිය නම් කරන්න පුලුවන්. සාමාන්‍ය කැමරාවකින් කොල්ලො සෙට් එකක් එකතුවෙලා කරපු වැඩක් මේක. පිස්සු හැදෙන තිරපිටපත. මහා සීන් නැහැ. ගෙදරක්, හොස්පිට්ල් එකක්, විවාහ උත්සවයක් විතරයි තියෙන්නෙ. දැවැන්ත නළුවො නෑ. සාමාන්‍ය කොල්ලො සෙට් එකක් ඉන්නෙ. චිත්‍රපටියෙ ඩිරෙක්ටර් බජී. එයයි තව එයාගෙ යාළුවො තුන්දෙනෙක්ටයි ඇත්තටම මුහුණදෙන්න වුණ සිද්ධියක් තමයි චිත්‍රපටියෙ තියෙන්නෙ. හතරදෙනාගෙන් බග්ස් කියන චරිතය කරන්නෙ ඇත්තටම සිද්ධියට මුහුණදුන් කොල්ලා. බජීගෙ චරිතය වෙන නළුවෙක්.

ෆිල්ම් එක ඉවරකරපු කොල්ලො සෙට් එක විචාරකයන්ට, මාධ්‍යවේදීන්ට එහෙම සීමිත දර්ශණ ටිකක් පෙන්වලා තිබුණා. විචාරකය මහා ඉහළින් වර්ණනා කරපු චිත්‍රපටිය උපරිම සාර්ථක වෙන බවට අනාවැකි පළකළා. අඩු වියදමකින් කරපු මේ ෆිල්ම් එක සීමිත සිනමාහල් කිහිපයක තිරගත කරන්න හිටපු කොල්ලො තව ටිකක් ලොකු නිෂ්පාදකයෙක් හොයාගෙන, ලොකුවට රිලීස් එක දෙන්න හිතුවා. වැඩේ ටිකක් ජනප්‍රිය ක්‍රවුඩ් එකට ගෙනියන්න විනාඩි විස්සක විතර සීන් ඉවත් කළා. ඉන්පස්සෙ තිරගත කළා. අතිසාර්ථක වුණා.

විජේ, අජිත්, රැජිණි වගේ නළුවන් දැවැන්ත බජට් වලින් කරපු ෆිල්ම්වල පන්ච් ඩයලොග් වෙනුවට මේ පුංචි කොල්ලොන්ගෙ ෆිල්ම් එකේ ඩයලොග් දෙමළ තරුණයන්ගෙ මුවේ රැඳෙන්න ගත්තා. ෆේස්බුක් එකේ පේජ් වලට, මීම්ස් වලට මේ ෆිල්ම් එකේ සීන් වැටෙන්න ගත්තා. සෝෂල් මීඩියාවලින් ෆිල්ම් එක මහා ඉහළට ඔසවලා තිබ්බා.

කොල්ලො හතරදෙනෙක්. එක් කොල්ලෙක්ගෙ (සේදුපති) වෙඩින් එකට කලින් දවස. හතරදෙනා ක්‍රිකට් මැච් එකක් ගහනවා. බඳින්න ඉන්න ඩයල් එක ග්‍රවුන්ඩ් එකේ වැටිලා ඔලුව වද්දගන්නවා. මිනිහට ඔක්කෝම අමතක වෙනවා. වෙඩිමත් අමතකයි. යාළුවෝ තුන්දෙනා මහා අමාරුවක වැටෙනවා. කොල්ලාව බන්දවන්නෙ කොහොමද දැන්. ගෙදරට මාට්ටු නොවී කොල්ලාව කසාද බන්දන එක තමයි චිත්‍රපටියෙ කතාව.






මේ ෆිල්ම් එක ෂූට් කරන කාලෙ වෙද්දී සේදුපති ටිකක් ජනප්‍රිය නළුවෙක්. ඔහු ඉන්න ෆිල්ම් හිට් වෙනවා. ඒ නිසා ඔහුට ඕනෙනං ඉහළ මිලක් නියම කරලා ජනප්‍රිය වැඩ විතරක් බාරගන්න තිබුණා. හැබැයි අද, මේ මොහොත වෙනකන් සේදුපති බලන්නෙ ෆිල්ම් එකේ බජට් එක දිහා නෙවෙයි. පිටපත දිහායි. කමල් හසන්ගෙ ක්‍රමය ඒක. ඉතින් බොහෝ චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගෙ පළවැනි ෆිල්ම් එක. පනෙයියාරුම් පද්මිනියුම් කියන්නෙත් ඒ වගෙ.

කෙටි චිත්‍රපටියක් ඇසුරෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය ඉතාම පුංචි බීජයක් වටේ දුවන්නෙ. එක කාර් එකක්. ගමේ එකම කාර් එක. ඒකෙ ඩ්‍රැයිවර්, අයිතිකාරයා. සේදුපති කාර් එකේ ඩ්‍රැයිවර්. ඒත් සේදුපති සහ අයිතිකාරයා මේ කාර් එක තමන්ගෙ දරුවෙක් වගේ බලාගන්නවා.

සේදුපති එක්ක මේ චිත්‍රපටියෙ රඟපාන කෙල්ල තමයි අයිෂ්චර්යා රාජේෂ්. අපට අනුව සේදුපතිට ගැලපෙනම කෙල්ල. කළු කෙට්ටු කෙල්ල. බොරු ලස්සනක් නෑ. රමී, ධර්මදුරෙයි වගේ තව චිත්‍රපටි කිහිපයකත් සේදුපති අයිෂ්චර්යා යුවල මුණගැහෙනවා. ඉතාම ලස්සනයි. සිංදු ටික උපරිමයි.




මේක 2016 දී ආපු සේදුපතිගෙ නියම ෆිල්ම් එකක්. සේදුපති එක්ක රඟපාන්නෙ  රිතිකා සිං කියන අපූරු රංගන ශිල්පිනිය. මේක නියම ජීනියස් වැඩක්. තිරපිටපත අපූරුයි. සේදුපතිව පරද්දමින් චිත්‍රපටියෙ හයිලයිට් වෙන්නෙ යෝගි බාබුගෙ රංගනය බව ඇත්ත. ඒත් චිත්‍රපටිය සේදුපතිගෙ කලෙක්ෂන් එකේ වැදගත්ම තැනක් දරනවා.

මේ ෆිල්ම් එකේ සංගීතය කළේ කේ. එයා ලංකාවේ චිත්‍රපටියකත් සංගීතය කළ බව කියන්න ඕනෙ. ප්‍රසන්න විතානගේ, හඳගම, විමුක්ති කියන අධ්‍යක්ෂවරු තුන්දෙනාම එකතුවෙලා කරපු තුන්දෙනෙක් සිංහල චිත්‍රපටියේ සංගීතය කළේ ඔහු. වාල්කේ ඔරු වොට්ටගොම් කියන සිංදුව අපූරුයි.

ඉන්දීය ජාතික සම්මානය දින්න කාක මුට්ටයි හදපු මනිකන්නන් විසින් තමයි මේ චිත්‍රපටියත් හැදුවෙ.

ගමක කොල්ලො දෙන්නෙක් ණය කන්දරාවක හිරවෙලා. ණය බරින් මිදෙන්න දෙන්නා රට පනින්න ලෑස්තිවෙනවා. ලන්ඩන්වලට. බොරු විස්තර දාපු පාස්පෝට් එකකින් සංචාරක වීසා ගන්නයි උත්සාහය. ඒ වෙනුවෙන් නගරයට එනවා. අසීරුවෙන් බෝඩිමක් හොයාගන්නවා. බොරු දාහක් කියනවා රට යන්නට. ගාන්ධි (සේදුපති) සහ පාණ්ඩි (යෝගි බාබු) තමයි කොල්ලො දෙන්නා. ගාන්ධි කියන්නෙ සත්‍ය යේ සංකේතයක්නෙ. ඇත්තටම ගාන්ධි ඇත්ත කියන්න කැමති කෙනෙක්. හැබැයි රට පනින්න නම් බොරු කියන්න වෙනවා. ගාන්ධි කියන බොරු ගොඩක් මැද එක ඇත්තක් කීව නිසා ඔහුට වීසා අහිමිවෙනවා. එතැනින් එහාටයි කතාව. අපූරුයි. කොමඩි ගොඩයි.




2 comments:

  1. Good post. Kohomada okkoma films balanna hoyagaththe? Mata godK films miss vela thiyenawa

    ReplyDelete
    Replies
    1. සමහර ෆිල්ම්
      යූටියුබ් එකේ තියෙනවා. තවත් ගොඩක් ඒවා ටොරන්ට් වෙබ්සයිට් වලින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කොටුවෙ ඩීවිඩී කඩවල වගේ ඇවිද්දොත් ගොඩක් ‍ෆිල්ම් ‍හොයාගන්න පුළුවන්. එහෙමත් බැරිනම් දෙමළ ෆිල්ම් බලන කෙනෙකුගෙන් ඉල්ලගන්න පුළුවන්.

      Delete