Tuesday, February 27, 2018

සිනමාවට රජවරු ඇවිත් - කෝමාලි කිංග්ස්



කෝමාලි කිංග්ස් කියන ලාංකේය දෙමළ චිත්‍රපටිය බලලා එළියට බහිද්දී දැනුණු ප්‍රහර්ෂය කොහොම විස්තර කරන්නද කියලා දවස් දෙකතුනක් යනතෙක් මම කල්පනා කළා. ඉන්පස්සෙ දින කිහිපයක් ඒ ගැන නොලියාම හිටියා. අවසානයේ කිසි අදහසක් ඔළුවේ නැතිව යමක් ලියන්නට මේ විදියට ඉඳගත්තා. ඉතින්, කෝමාලි කිංග්ස් ගැනයි ලියන්න සූදානම. 

Sunday, February 11, 2018

වික්‍රම්ගේ ස්කෙච් බැලුවාද?





අපි වික්‍රම්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ තවත් විශ්මයජනක රංගනයක් තියෙන චිත්‍රපටියක්. රාවණන් වගෙ වැඩක්. අයි වගේ වැඩක්. ඒත් වික්‍රම් 2018 අවුරුද්දෙත් අපව හමුවෙන්න ආවේ ටිකක් වියලි මාස් හීරෝ කෙනෙක් රැගත් චිත්‍රපටියකින්. ස්කෙච් චිත්‍රපටිය පොංගල් එක්ක චිත්‍රපටි හෝල් වලට ආවේ සූර්යා රඟන විග්නේස් සිවන්ගේ චිත්‍රපටියත් එක්කයි. ඒ චිත්‍රපටිය ලොවපුරා වැඩි ආදායම් උපයද්දී වික්‍රම්ගේ චිත්‍රපටිය ඒ තරම් සාර්ථක නොවි පසුපසින් හිටියේ. 

Wednesday, February 7, 2018

දෙමළ සිනමාව නවකයන්ගෙන් හැඩවුණු වසරක්

ලංකාවේ සිනමාකරුවන් බොහෝවිට මැසිවිලි නඟන්නේ චිත්‍රපටි කරන්නට මුදල් නොමැති බවත් ආදායම් උපයන්නට තරම් ප්‍රේක්ෂකාගාරයක් නොමැති බවත් කියමිනි. ඇතැම් තරුණ නිර්මාණකරුවන් ප්‍රේක්ෂකාගාරයෙන් ආදායම් ලැබිම වෙනුවට සම්මාන ඉලක්ක කරගනිමින් නිර්මාණ කරන බව ‍පෙනෙයි. එහෙත් මේ සටහනෙන් කතාබහට ලක්වෙන චිත්‍රපටි සියල්ලම පාහේ ඉතා පුංචි වියදමකින් කළ සාර්ථක නිර්මාණ වන අතර සිනමාව තවදුරටත් මුදල් මත පදනම් වූ කලාවක් නොවන බවට මනා සාක්ෂි සපයන නිර්මාණ එකතුවකි. මේ කතාබහ 2017 වර්ෂයේ දෙමළ සිනමාවේ තිරගත වූ නවක නිර්මාණකරුවන්ගේ චිත්‍රපටි පිළිබඳවයි.