උඹ හොඳ ෆිල්ම්
එකක් හැදුවොත් මොන ඉන්ඩස්ට්‍රියෙන් ආවත් උඹට හඳ අල්ලන්න පුලුවන්. ඉන්දියාව ඇතුලෙ
මේ වැදගත් පාඩම කියාදුන්න චිත්‍රපටි ගොඩක් තියෙනවා. හැබැයි ඔය පාඩම හොඳටම පත්තියං
වුණේ බාහුබලී චිත්‍රපටියෙන් පස්සෙ. දකුණු ඉන්දියාවෙ වැඩිම ආදයම් ලබපු චිත්‍රපටිය.
ඉන්දියාවේම වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් එකක්.
අර පාඩමම කියල
දුන්න තවත් චිත්‍රපටියක් තමයි 2018 මුල ආපු රංගස්තාලන්. බාහුබලී චිත්‍රපටි දෙක
හැරුණාම තුන්වැනියට වැඩිම ආදයම් ලබපු තෙළිඟු චිත්‍රපටිය. ජනප්‍රිය ලක්ෂණයි,
කලාත්මක ලක්ෂණයි එකට එකතු කරලා කරපු පිස්සු හැදෙන සඳ බැබලෙන ෆිල්ම් එක. කතා දෙකක්
නෑ. ෆිල්ම් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න.
