Friday, June 22, 2018

ඔහු තලපති විය!




'ගොඩක් වෙලාවට මම සම්මාන දෙනවා. සම්මාන අරගෙනම නෑ. මේ උත්සවයට එන්න කියලා කෝල් එකක් එද්දී මම ඇහුවා 'මම කාටද සම්මානය දෙන්න ඕන කියලා.' මොකද මට කතාකරන්නෙ සම්මාන දෙන්නනේ.'

ආනන්ද විකටන් කියන සම්මාන උළෙලේ හොඳම නළුවාට අයිති සම්මානය අරන් විජේ නිහතමානී විදියට එහෙම කියනවා. මෙර්සල් චිත්‍රපටිය වෙනුවෙනුයි ඔහුට 2018 අවුරුද්දට හොඳම නලුවා ලැබුණෙ. අද විජේගේ උපන්දිනය. හතළිස් තුන්වැනි උපන්දිනය.




විජේ පුංචි කාලයේදීම ඇගේ සහෝදරිය විද්‍යා මියගිය බව කියනවා. ඇයට අවුරුදු දෙකේදී. ඒ නිසා විජේ පුංචි කාලයේ ඉඳන්ම නිහඬ, තනිව කල්පනා කරන දරුවෙක් බවට පත්වුණාලු.

විජේට පිළිගත්ත සම්මාන උළෙලවල සම්මාන නොලැබුණු බව ඇත්ත. එහෙත් ඔහු අපේ හදවත් දින්නා.

පුංචි කාලෙ ඉඳන් විජේ රඟපෑවා. ළමා චරිත රඟපෑවා.

විජේ ප්‍රධාන නලුවා විදියට සිනමාවට ආවෙ 1992 දි. තාත්තා චන්ද්‍රසේකරන්ගෙ ෆිල්ම් එකකින්. ඒ වෙලාවෙ චන්ද්‍රසේකර් රසිකයන්ට මෙහෙම කී බව කියනවා. 'මම මගේ පුතාව රසිකයන්ගේ දෑත්වලට බාර කරනවා. ඔබ මාවත්, ශෝබාවත් ආදරයෙන් නැහැව්වා. අපි බලාපොරොත්තු වෙනවා අපේ පුතාට ඒ ආදරයම ලැබේවි කියලා.'

නැහැ.... චන්ද්‍රසේකරන් පැතූ ඒ ආදරයම විජේ පුතාට ලැබුණෙ නැහැ.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*






ඒ වගෙ සියගුණයක ආදරයක් රසිකයන්ගෙන් ඔහුට ලැබුණා. තලපති රැජිණි තමන්ගේ චිත්‍රපටි අවුරුදු දෙකකට එකක් විතර සීමා කරන්න ගත්තෙ අනූ ගණන්වල අග ඉඳන්.  ඒ වෙද්දී තමන්ගෙ අලුත් තලපති විදියට, ඉලයතලපති විදියට විජේව රසිකයන් විසින්ම තෝරාගෙන. 'ඉලයතලපති' කියන නම විජේට ලැබුණේ 1992 තිරගත වුණ රසිගන් චිත්‍රපටියෙන්. එහෙම වුණේ ඇයි?

විජේ කියන්නෙ පුදුම නර්තන ශිල්පියෙක් විතරක් නෙවෙයි. හොඳ ඇක්ෂන් නළුවෙක් විතරක් නෙවෙයි. විජේගෙ කොමඩි හැකියාව බලන්න. සාමාන්‍ය ජීවිතේදී විජේ පුදුමාකාර විදියට නිහඬ මනුස්සයෙක්. ඒත් චිත්‍රපටිවලදී ඔහු කරපු චරිත බොහොමයක් කටකාර චරිත. ඔහු යම් දෙබසක් උච්චාරණය කරන විදිය දිහා බලන්න.

විජේගේ මුල් කාලයේ් චිත්‍රපටිවලදී ඔහු ආදරවන්තයෙක්. දෙවැනි යුගයේ චිත්‍රපටිවලදී ඔහු සටන්කරුවෙක්. තුන්වැනි යුගය වෙද්දී ඔහු අසමසම තරුවක්. බ්ලොක්බස්ටර් මවන්නෙක්.

මෙර්සල් කියන්නේ විජේ චරිතය අපූරුවට චිත්‍රණය කරපු චිත්‍රපටියක්. තලපති ජෝසෆ් විජේ. මෙර්සල් චිත්‍රපටිය වෙද්දී අපූරුවට ඒ තනතුර ඔහුගේ කර මත මැවුණා. තවදුරටත් ඔහු ඉලයතලපති නෙවෙයි. තලපති.



විජේගෙ චිත්‍රපටි මහා සිනමා කෘති නෙවෙයි. විනෝද සාගරයන්.




සංගීතා සොර්නලිංගම්. විජේගේ ආදරණීය බිරිඳ. ඇය අපේ රටේ කාන්තාවක්. ඒ ගැනත් අපට ආඩම්බර විය හැකියි. සංගීතා ලංකාවෙන් යන්නේ යුද්ධය නිසා. තමිල්නාඩුවේ ඉන්න විජේ යුද්ධය ගැන දෙමළ ඇසෙන් බලනවා. සමහරු ඒ නිසා විජේට තරහයි. ඒ නිසා අපට විජේ එක්ක තරහා වෙන්න පුලුවන්ද? විජේ දෙමළ. ඉතින් තමන්ගෙ ජාතියෙ ඇහෙන් ඒ දිහා බලන එක වැරැද්දක් නෙවෙයි. අපි අපේ ඇහෙන් ප්‍රශ්ණ බලනවා වගෙයි. අපි රසවිඳින්නෙ විජේගෙ සිනමාව. සිනමාව රසවිඳින්න වෙන කිසිම දේශපාලනයක් බාධාවක් නෙවෙයි.

No comments:

Post a Comment