අපි පහුගිය සතියේ කොලිවුඩ් සිහින
වැඩසටහනේදී අහන්න දුන්නා කාදලන් (1994) චිත්‍රපටියේ සිංදුවක්. කාදලික්කු පෙන්නිල්
කියන සිංදුව තමයි අපි ඇහුවෙ. සිංදුව කීවෙ උදිත් නාරායන් එක්ක එස්.පි.බී. හෙවත්
එස්.පී. බාලසුබ්‍රමනියම්. අපි එතැනදී කිව්වා මතකනේ, සිංදු 40000ක් ගායනා කරපු එස්.පී.බී.
වැඩිම ගීත ගණනක් ගායනා කිරීම ගැන ගිනස් වාර්තාවකුත් තියපු කෙනෙක්. මේ තියෙන්නෙ
ගීතයෙ ලින්ක් එක. ගීතයෙ රූපරාමුවල ප්‍රභූදේවා, නග්මා සහ වඩිවෙල් එක්ක නටන ඔය මහත
කොල්ලා තමයි එස්.පී. බාලසුබ්‍රමනියම්. ඕක අපි කියන්න දෙයක් නෑ. බොහෝ දෙනෙක් දන්නවා
ඇති.
මේ ගීතය සංගීතවත් කළේ ඒ.ආර්. රෙහ්මාන්
විසින්. චිත්‍රපටියේත් සංගීත අධ්‍යක්ෂණය ඔහුයි. චිත්‍රපටියේ
අධ්‍යක්ෂවරයා එස්. ශංකර්. ඔබ දෙමළ චිත්‍රපටිවලට කැමති කෙනෙක්නම් එස්. ශංකර්ගෙ චිත්‍රපටි
හොයාගෙන බලන්න. ඔහු වසර දෙකහමාරකට වතාවක් වගේ තමයි චිත්‍රපටි කරන්නෙ. ඔහුගෙ චිත්‍රපටි
දැවැන්ත දේශපාලන කතා ගේනවා. ඔහු දැවැන්ත ඇමතිවරු, පොලිස් ලොක්කෝ, මහා
පිපිරීම්වලින් පිරුණු චිත්‍රපටි තනන්නෙ. ජෙන්ට්ල්මන්, ඉන්දියන්, මුදල්වන්, බෝයිස්,
අන්නියන්, සිවාජි, එන්දිරන්, 2.0 වගේ චිත්‍රපටි එස්. ශංකර්ගේ අධ්‍යක්ෂණයන්.
ඉන්දියාවෙ වැඩිම මුදලක් වැය කරලා වැඩ අවසන් කරපු චිත්‍රපටිය තමයි 2.0 හෙවත් එන්දිරන්
දෙවැනි කොටස කියන්නෙ.
එස්. ශංකර් සමාජ දේශපාලන කතාවක් චිත්‍රපටියෙන්
කියන්න යනවා. එහෙම කිව්වාම බයවෙන්න එපා. එයා මහා ගැඹුරු දේශපාලනයක් කරන්න යන්නෙ
නෑ. හැමෝටම තේරෙන දෙයක් තමයි කරන්නෙ. අපි මේ කතාකරන කාදලන් චිත්‍රපටියත් නිකන්ම
ආදර කතාවකින් එහා ගිහිල්ලා ලොකු දේශපාලන කතාවක් පිටිපස්සේ තියාගෙන කරපු චිත්‍රපටියක්.
කොල්ලෙක් ඉන්නවා. (ප්‍රභූදේවා) කොල්ලගෙ
තාත්ත පොලිස්කාරයෙක්. (එස්.පී.බී.) කොල්ලා කැම්පස් යනවා. තාත්තා කොල්ලාට ගොඩක්
ආදරෙයි. ඉස්කෝලේ ශිෂ්‍යයන්ගෙ නායකයෙක් මේ කොල්ලා. දවසක් ඉස්කෝලේ උත්සවේකට ආරාධනා
කරන්න කොල්ලයි, එයාගෙ හොඳම යාළුවයි (වඩිවේල්), ඉස්කෝලේ ප්‍රින්සිපලුයි චෙන්නායි
නගරාධිපතිව හම්බවෙන්න යනවා. එතකොට කොල්ලා දකිනවා නගරාධිපතිගෙ දුවව. (නග්මා) ඒ තමයි
කෙල්ල. කෙල්ල පස්සෙ කොල්ලා යනවා. නගරාධිපතිගෙ පිටිපස්සෙ මැර දේශපාලනයක් තියෙනවා.
මේව කෙල්ලයි කොල්ලයි දන්නෙ නෑ. දවසක් කෙල්ල කෝවිලකට යන්න තාත්තාගෙන් අවසර ඉල්ලනවා.
තාත්තා අවසර දේනනෙ නෑ. මොකද ඒ කෝවිලට තාත්තා සැලසුම් කරලා බෝම්බයක් තියලයි
තියෙන්නෙ. කෙල්ල ඒක නොදැන තාත්තට හොරෙන් යනවා. බෝම්බ වැඩේ කොට උඩ යනවා. තාත්තාට
කේන්ති යනවා. කෙල්ලයි කොල්ලයි තාත්තාගේ මේ මැර දේශපාලනයට මැදි වෙන්නෙ කොහොමද. චිත්‍රපටියේ
දුවන්නෙ ඔය කතාව. බලල නැති කෙනෙක් බලන්න වටිනවා.
අපේ රේඛා මේ චිත්‍රපටිය ආපු කාලෙ පුංචි
කෙල්ලෙක්. ඇය පවුලෙ අයත් එක්ක චිත්‍රපටිය දහවතාවක් විතර බැලුවාලු. මොකක්ද
මේකේ රහස. එක් පැත්තකින් සංගීතය. අනෙක් පැත්තෙන් නග්මා. ආදරය. ඒ සියල්ලට වඩා
දේශපාලනය. මේ සියල්ල ගාණට මුහුවෙලා තියෙනවා.
2005 විතර වෙනකන් නිලි රැජිණ වෙලා හිටපු
ජෝතිකාගෙ අක්කා, ඔය චිත්‍රපටිය ආපු කාලෙ දෙමළ සිනමාවෙ සරාගී ගිනිසිළුව නග්මා තමයි
චිත්‍රපටියෙ ප්‍රධාන නිළිය වුණේ. නළුවා අසාමාන්‍ය හැකියාවන් රැසක් තමන් ඇතුලෙ
තියාගෙන ඉන්න ප්‍රභූදේවා. දැන් හින්දි සිනමාවෙ ඉඳගෙන අතිසාර්ථක චිත්‍රපටි හදන
නිර්මාණකාරයා. ඉන්දියාවෙ බිහිවෙච්ච නළුවන් අතරින් විශිෂ්ඨම නැට්ටුවා. වඩිවේල් මේ
චිත්‍රපටියේ ලස්සන චරිතයක් කරනවා. සුපුරුදු ලෙස හාස්‍යය වගේම වඩිවෙල් ප්‍රභූදේවාගෙ
යාළුවා විදියට සීරියස් චරිතයකුත් කරනවා. අපි අතරින් වසර කිහිපයකට කලින් සමුගත්ත ප්‍රතිභාපූර්ණ
නළුවා රඝුවරන් දුෂ්ඨ චරිතයක් කරනවා.
චිත්‍රපටිය මඟ හැරියොත් අපරාදේ ජාතියේ
චිත්‍රපටියක්.
No comments:
Post a Comment