ටැමිල් ෆිල්ම්
රසිකයන්ට බොහොම නරක කාලයක් ගෙවෙමින් පවතින්නේ. අපේ ආදරණීය දෙමළ සිනමාව මේ වෙද්දී
තමිල්නාඩු ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජනයක් පටන් අරගෙන. මේ වෙද්දී අලුත් දෙමළ චිත්‍රපටියක්
තිරගත නොවුණු හත්වැනි සතියත් උදාවෙලා.
කොලිවුඩ්
සිහින අපි දවස් ගණනාවක් නිහඬව හිටියා. ඒ වැඩ රාජකාරි ගොඩක් මැද පිටුව අප්ඩේට්
කරන්න නොහැකි වූ නිසා. නව අවුරුද්ද අවසානයේදී ආයේමත් අපි කොලිවුඩ් සිහින නිහඬතාවය
බිඳිනවා. හැබැයි අපි නිහඬතාවය බිඳින මොහොත වෙද්දී කොලිවුඩ් සිනමාව නිහඬයි.
මාර්තු
පළවැනිදා පටන් මේ වනතෙක් දෙමළ සිනමාව අලුත් චිත්‍රපටියක් නිකුත් කරලා නැහැ. ස්ට්‍රයික්
එක අවසාන වෙන දවසක් ගැනත් හරි සඳහනක් නෑ. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා 17
වැනිදා ස්ට්‍රයික් එක අවසාන වේවි කියලා. එහෙත් ඒ ගැන හරි විශ්වාසයක් නැහැ.17
වැනිදා තෙක් ඒ ගැන අනාවැකි කියන්න බෑ.
කරු
( සායි පල්ලවි ), බාස්කර් ඔරු රාස්කල් ( අරවින්ද් සාමි, අමාලා පෝල් ) ,
සෙම්මා ( ජීවී ප්‍රකාශ් කුමාර් ) , කාලා ( රැජිණි, පා. රංජිත් ) , ටික්
ටික් ටික් ( ජයම් රවී ), දුර්ව නච්චතිරම් ( වික්ම් ) ඇතුළු චිත්‍රපටි
රැසක් තිරගත වීමට නියමිතව තියෙනවා.
![]() |
| ටික් ටික් ටික් |
