Showing posts with label ලිස්ට්. Show all posts
Showing posts with label ලිස්ට්. Show all posts

Friday, July 6, 2018

ආර්යාගේ හොඳම නවය

ආර්යාව අපි දකින්නේ හැකියාවෙන් පිරිපුන් නළුවෙක් විදියට. තරඟකාරී කොලිවුඩ් සිනමාව ඇතුලෙ ඔහුට ලැබෙන්න තිබුණු වටිනාකම කවදාවත් ලැබුණෙ නැහැ. ඇත්තටම ආර්යා කියන්නෙ දැන් පරම්පරාවෙ හොඳ කොලිවුඩ් නළුවො කිහිපදෙනාගෙන් කෙනෙක්. විසාල්, කාර්ති, ධනුෂ්, සේදුපති එක්ක කරට කර ආර්යාව තියන්න පුලුවන්. ඔහුව යොදවන ෆිල්ම් එකක් බයනැතිව බොක්ස් ඔෆිස් වාර්තාවලට ගෙනයන්නත් පුලුවන්.

ආර්යාට තියෙන්නේ අපූරු ඇස් දෙකක්. ආර්යාගේ විශේෂ සංකේතයක් තමයි ඒ ඇස් දෙක.

Saturday, January 13, 2018

ධනුෂ්ගේ හොඳම 10 ( කොලවෙරි එන්න කලින්) Dhanus's Best 10 ( Before Kolaveri)




කස්තුරි රාජා නම් පැරණි චිත්‍රපටි අධ්‍යක්ෂවරයා. වැඩි ගෞරවයක් නොලද්දා මුත් දෙමළ සිනමාව වෙනස් කරන්නට සමත් චිත්‍රපටි කිහිපයක් කළ අධ්‍යක්ෂවරයා. ඔහුගේ වැඩිමහල් පුත් සෙල්වරාඝවන් එක්ක එකතුවී ලියූ චිත්‍රපටියකින් තමන්ගේ බාල පුතා වන වෙන්කටේෂ් ප්‍රභූව සිනමාවට හඳුන්වා දුන්නා. අවුරුදු දහඅටේ පුංචි කොල්ලෙක් අරගෙන කරපු මේ චිත්‍රපටිය තුල්ලවදෝ ඉල්ලමෙයි. ඒ චිත්‍රපටිය තිරගත වෙද්දී අවුරුද විස්සේ හිටපු කෙට්ටුම කෙට්ටු පුංචි සිනමා වීරයා, අනෙක් සිනමා විරයන් මෙන් පෞරුෂය, ගර්වය, පුරුෂ බලය නියෝජනය කරනවා වෙනුවට බිය, යටහත් බව නියෝජනය කළා. මේ විශිෂ්ඨ තරුණයා රඟපාපු චිත්‍රපටි දෙකක් ඉන් අවුරුද්දකට පස්සේ තිරගත වුණා. එක් චිත්‍රපටියක් විචාරකයන්ගේ මුව අයවන්නට සමත් වුණා. ප්‍රේක්ෂකයාගේ ඇසට කඳුළු නංවන්නට සමත් වුණා. එය ඉන්දීය ජාතික සම්මානය නොලද්දේ ඒ අවුරුද්දේම තිරගත වූ දෙමළ චිත්‍රපටි දෙකක් වන අන්බේ සිවම් සහ පිදාමගන් චිත්‍රපටි දෙකේ කමල් හසන් සහ වික්‍රම් කළ රංගනයන් නිසායි. ඔහුගේ අනෙක් චිත්‍රපටියේ එක් ගීතයක් සහ චිත්‍රපටියේ විශේෂත්වය නිසා වසරේ තෙවැනි වැඩිම ආදායම උපයන්නට සමත් චිත්‍රපටිය බවට පත්වුණා. 

Sunday, November 26, 2017

විජේ සේදුපතිගෙ හොඳම ෆිල්ම් පහ Sethupathi's Top 05

ගණකාධිකාරී ජොබ් එකෙන් අයින්වෙලා එකපාරම සිනමාවට එන අවුරුදු විසිඅටක විතර තරුණයෙක්. දැන් සිනමාවෙ පොදු මිනිස්සුන්ගෙ වීරයා බවට පත්වෙලා. ඒ වනතුරු ගමන ඉතා අසීරු එකක්. 2006 ආපු පුදුපෙට්ටායි චිත්‍රපටියෙ ධනුෂ්ගෙ යාළුවෙක්ට රඟපාන අසරණ සේදුපතිගෙ මුහුණ පෙන්වන්නෙත් කැමරාවට වැරදීමක් වුණොත් වගෙයි. හොඳ ඇහැක් තියෙන අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් නිසා සිනමාව වෙනස් කරවන විදියෙ යමක් කරන්න සේදුපතිට දැන් හැකියාව ලැබිලා.



සේදුපතිගෙ හොඳම ෆිල්ම් දහය Sethupathi's Best 10 Movies (part 01)

මක්කල් සෙල්වන් විජේ සේදුපතිව දෙමළ සිනමාව ගැන උනන්දුවක් තියෙන අය දන්නවා ඇති. ඇත්තටම දෙමළ සිනමාව ගැන උනන්දුවක් නැති අයත් මේ වෙද්දී විජේ සේදුපතිගේ ෆිල්ම් බලන්න කැමතියි.

සේදුපති ගැහැණියෙක්ට ඇන්දේ ඇයි?