Showing posts with label නළුනිළියන්. Show all posts
Showing posts with label නළුනිළියන්. Show all posts

Friday, July 6, 2018

ආර්යාගේ හොඳම නවය

ආර්යාව අපි දකින්නේ හැකියාවෙන් පිරිපුන් නළුවෙක් විදියට. තරඟකාරී කොලිවුඩ් සිනමාව ඇතුලෙ ඔහුට ලැබෙන්න තිබුණු වටිනාකම කවදාවත් ලැබුණෙ නැහැ. ඇත්තටම ආර්යා කියන්නෙ දැන් පරම්පරාවෙ හොඳ කොලිවුඩ් නළුවො කිහිපදෙනාගෙන් කෙනෙක්. විසාල්, කාර්ති, ධනුෂ්, සේදුපති එක්ක කරට කර ආර්යාව තියන්න පුලුවන්. ඔහුව යොදවන ෆිල්ම් එකක් බයනැතිව බොක්ස් ඔෆිස් වාර්තාවලට ගෙනයන්නත් පුලුවන්.

ආර්යාට තියෙන්නේ අපූරු ඇස් දෙකක්. ආර්යාගේ විශේෂ සංකේතයක් තමයි ඒ ඇස් දෙක.

Monday, June 25, 2018

පුලි සහ බහුබලී


පුලි චිත්‍රපටිය ඉලයතලපති විජේ රඟපාපු චිත්‍රපටියක්. හොඳ මියුසික් තිබුණා. හොඳ නළුනිළියන් කණ්ඩායමක් හිටියා. ඒත් චිත්‍රපටිය අපේ හිත්වල තදින් රැඳෙන විදියේ එකක් නෙවෙයි. මේක දැවැන්ත ඓතිහාසික චිත්‍රපටියක්. ප්‍රබන්ධමය රාජධානියක වීරයෙක් වටා ගෙතුණු කතාවක්. ඔටුන්න හිමි කුමරෙක් සාමාන්‍ය ගම්මානයක සැඟවී ඉන්නවා. තමන්ගේ පෙම්වතිය සොයාගෙන ඔහු තරුණ කාලයේදී වීර චාරිකාවක් යනවා. ඒ චාරිකාව අවසාන වෙන්නේ තමන්ගේ ඉතිහාසය ගැන ඔහු දැනගැනීමෙන් පසුව.