අපි පහුගිය සතියේ කොලිවුඩ් සිහින
වැඩසටහනේදී අහන්න දුන්නා කාදලන් (1994) චිත්‍රපටියේ සිංදුවක්. කාදලික්කු පෙන්නිල්
කියන සිංදුව තමයි අපි ඇහුවෙ. සිංදුව කීවෙ උදිත් නාරායන් එක්ක එස්.පි.බී. හෙවත්
එස්.පී. බාලසුබ්‍රමනියම්. අපි එතැනදී කිව්වා මතකනේ, සිංදු 40000ක් ගායනා කරපු එස්.පී.බී.
වැඩිම ගීත ගණනක් ගායනා කිරීම ගැන ගිනස් වාර්තාවකුත් තියපු කෙනෙක්. මේ තියෙන්නෙ
ගීතයෙ ලින්ක් එක. ගීතයෙ රූපරාමුවල ප්‍රභූදේවා, නග්මා සහ වඩිවෙල් එක්ක නටන ඔය මහත
කොල්ලා තමයි එස්.පී. බාලසුබ්‍රමනියම්. ඕක අපි කියන්න දෙයක් නෑ. බොහෝ දෙනෙක් දන්නවා
ඇති.
