Saturday, June 30, 2018

ආදි aadhi


ජේතු ජෝසෆ් ගැන බොහෝ අය දන්නවා. කවුද ඒ? මලයාලම් ඩ්‍රිෂ්‍යම් සහ පාපනාසම් චිත්‍රපටි දෙකේ අධ්‍යක්ෂවරයා. මේ චිත්‍රපටි දෙකේ ප්ලොට් එක තෙළිඟු, කන්නඩ, හින්දි භාෂාවලිනුත් ප්‍රතිනිර්මාණය වෙලා ලංකාවේත් ධර්මයුද්ධය නමින් නිෂ්පාදනය වුණා. ඒ තරම් සාර්ථක තිරපිටපතක් ලියපු කෙනෙක් ජෝසෆ්. 

මෝහන්ලාල්වත් මලයාලම් රසිකයෝ දන්නවා. මලයාලම් සුපර්ස්ටාර්ස්ලා දෙන්නාගෙන් කෙනෙක්. මෝහන්ලාල්ගේ පුතා ප්‍රනව් මෝහන්ලාල් ඩ්‍රිෂ්‍යම් සහ පාපනාසම් කියන ෆිල්ම් දෙකේම සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කළා. ජේතු ජෝසෆ්ගෙ දෙවැනි ෆිල්ම් එකේත් සහාය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කළා. එහෙම  වැඩකරපු ප්‍රනව් මෝහන්ලාල් ජේතු ජෝසෆ්ගේ මලයාලම් චිත්‍රපටියකම ප්‍රධාන නළුවා විදියට හමු වුණා. චිත්‍රපටියෙ නම ආදි.

ෆිල්ම් එක තනි වචනයකට ගෙනාවොත් 'විස්මයජනකයි.' 

ප්‍රනව්

කලින් පරම්පරාවෙ දකුණු ඉන්දියානු තෙළිඟු, කොලිවුඩ්, මලයාලම් සිනමා වීරයන්ගෙන් සිනමාවට එන්න හිටියේ මෝහන්ලාල්ගේ පුතෙක් විතරයි.

තෙළිඟු නාගර්ජුන, චිරන්ජිව්ගෙ ළමයි සිනමාවට ඇවිත් හිටියා. දෙමළ කමල්, රැජිණි දෙන්නාටම හිටියේ දුවලා. දෙන්නාම සිනමාවෙ පෞරුෂයන් විදියට වැඩ ආරම්භ කරලා තිබුණෙ. ප්‍රනව් මෝහන්ලාලුත් තමන්ට උපතින්ම උරුමවුණ සිනමා රංගනයට පා තැබුවෙ මේ චිත්‍රපටියෙන්.

හැමෝම ප්‍රනව් යමක් කරයි කියලා බලාපොරොත්තු වුණා. එහෙත් මේ තරම් දෙයක් කරයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තටම සම්පූර්ණ චිත්‍රපටියෙ අවධානය තමන් දෙසට යොමු කරවාගන්න ප්‍රනව් සමත් වුණා. හොලිවුඩ් ස්ටයිල් ඇක්ෂන් දර්ශණ වලින් අපේ කටවල් ඇරලා තබාගන්න ඔහු සමත් වුණා. වේගය එක්ක ඇක්ෂන් දර්ශණ ඔහු අවසන් කළේ දකුණු ඉන්දියාවට ඉන්න හොඳම ඇක්ෂන් නළුවා ප්‍රනව් නෙවෙයිද? කියන ප්‍රශ්ණය අපේ හිත්වල ඉතිරි කරමින්.

මේ තරම් ඇක්ෂන් රංගන හැකියාවක් ප්‍රනව්ගෙන් කිසිවෙක් බලාපොරොත්තු වෙන්න නැතිව ඇති. ටේලර් එකේවත් ඒ ගැන ඉඟියක් තිබුණෙ නැහැ.

මේ චිත්‍රපටිය ක්‍රියාදාම, ත්‍රිලර් වර්ගයට අයිති චිත්‍රපටියක්. හැබැයි ඒ වර්ගයෙ අනෙක් චිත්‍රපටි වගේ මහා සමාජයක් ඉලක්ක කරගත්ත මාස් චිත්‍රපටියක් නෙවෙයි. ඒ වෙනුවට එක තරුණයෙකුගෙ ජීවිතය කේන්ද්‍ර කරගත්ත එකක්. ඒකත් විශේෂයි. සාමාන්‍යයෙන් දකුණු ඉන්දියන් ඇක්ෂන් ෆිල්ම්වල වීරයා ගහමරාගන්නෙ සමාජ ප්‍රශ්ණයක් විසඳන්න. මේකේ ගහමරාගන්නෙ තමන්ගෙ ජීවිතය වෙනුවෙන්.

සිංදු කියන, මියුසික් නිර්මාණය කරන තරුණයෙක්. කොල්ලාගෙ හීනය තමයි මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙන එක. විනෝදාංශයක් විදියට ස්ටන්ට් පුරුදුවෙන කෙනෙක්. ඉන්නෙ මලයාලම්කාරයන්ගෙ ප්‍රාන්තෙ. කේරළාවල. ඒ නිසා පොරට ස්ටන්ට් එහෙමත් පුලුවන්. ටිකක් සල්ලි තියෙන මිඩ්ල්ක්ලාස් පවුලක කෙනෙක්. මේ කොල්ලාගෙ තාත්තාගෙ ලොක්කාගෙ ගෙවල් බැංගලෝර්වල. ඉන්නෙ වෙන රටක. ලොක්කා මේ කොල්ලාට ආදරෙයි. 

ඉතින් ඉන්දියාවට එද්දී කොල්ලාව ගෙන්නගන්නව ලොක්කගෙ රොල්ස් රොයිස් එකෙං ලොක්කා එක්ක රවුම් ගහන්න. කොල්ලටත් බැංගලෝර් යන්න ඕනෑවෙනවා මියුසික් කාරයො එන ක්ලබ් එකක සිංදු කියන්න. මියුසික් කාරයො කැමති වුණොත් කොල්ලට පුලුවන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට පැනගන්න. හැබැයි මේ බැංගලෝර් ගමනෙදී නොහිතප අනතුරක් වෙනවා. කොල්ලා ඉගෙනගත්ත ස්ටන්ට් වලින් ප්‍රයෝජන අරගෙන ජීවිතේ ආරක්ෂා කරන්න කොල්ලාට සිද්ධවෙනවා. ඔන්න ඕකයි කෙටියෙන් කිව්වොත් ෆිල්ම් එකේ කතාව.

චිත්‍රපටියෙ තියෙන්නෙ නෝමලි අපට මලයාලම් චිත්‍රපටියක දකින්න බැරි විදියෙ ඇක්ෂන් දර්ශණ එකතුවක්. ප්ලොට් ට්විස්ට් ( කතාව එකපාරම හිතපු නැති විදියට වෙනස් වීම ) එන්නෙ ඇක්ෂන් වලම තමයි. නියම ඇක්ෂන් ෆිල්ම්වල ආභාෂය අරගෙන ආදි කරලා තියෙනවා. ඒ නිසාම වැඩේ හොලිවුඩ් කොලිටියේ කියලා කියන්න පුලුවන්.
හැබැයි පුතේ ජේතු ජෝසෆ්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා වැඩ. නිකන් චිත්‍රපටිය අන්තිමේදී කට ඇරගෙන ‘මේ මොකක්ද බොලං මේ වුණේ?’ කියලා කල්පනා කරන්න තරම් ගැඹුරක් මේ ෆිල්ම් එකේ නැහැ. මේ සමාජය ගැන මාර ගැඹුරු කතාවක් මේ චිත්‍රපටියෙ තියෙනවා කියලා ‘පාපනාසම්’ බැලුවාම අපට කියන්න පුලුවන් වුණාට ආදි බලලා ඒ වගේ කතාවක් කියන්න බෑ. අපේ ඇඟේ ලේ ගැහෙන වේගය ටිකක් වැඩිකරන්න පුලුවන් ඇක්ෂන් සීන් ටිකක් තමයි මුණගැහෙන්නෙ.

ජෝසෆ් කාරයා සමහර සිද්ධි තවත් ලස්සනට නිර්මාණය කරන්න තිබුණා කියලා හිතෙනවා. සමහර වෙලාවට වේදනාව වගේ එකක් පෙන්වන්න ජෝසෆ් ගෙනාපු දර්ශණ තව ටිකක් ෂොකින් විදියට ගේන්න තිබුණා. ෂොක් වෙනවා මදි.

එහෙම වුණත් මේ ෆිල්ම් එක අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒ නිසා නොබලා අත්හරින්න වටින චිත්‍රපටියක් නෙවෙයි.

අපි චිත්‍රපටියට තරු 3.5 / 5 ක් දෙනවා. 

1 comment:

  1. \\අපි චිත්‍රපටියට තරු 3.5 / 5 ක් දෙනවා.//
    අපි කියන්නේ කවුද කියලා දැන ගන්ට පුලුවන් ද???

    මගේ මතය අනුව නම් මේකට තරු පහෙන් හතරට වඩා දෙන්ට පුලුවන්...
    පහම දෙන්ට නම් බෑ...

    මොනවා වුණත් පට්ට චිත්‍රපටියක්...

    ReplyDelete